ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය පෝෂණය කිරීම සඳහා හරිත සන්ධානය

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර වන්නේ ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සෑම ශාක වර්ගයක් ම යළි වගා කිරීම යි. ජාතික රතු ලැයිස්තුවේ ඇති ශාක විශේෂවලින් මිලියන 10 ක් පරිත්‍යාග කිරීමත්, ශාක ලේඛනගත කිරීම සහ ආරක්ෂා කිරීමත් මගින් හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම අපගේ අභිලාෂය යි. අපගේ පරමාර්ථය වන්නේ දේශීය ව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයෙන් රතු ලැයිස්තුවෙන් ඉවත් කිරීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ අද්විතීය හා අත්‍යවශ්‍ය පරිසර පද්ධති තිරසාරව සංරක්ෂණය කිරීම මඟින් අනාගත පරපුර සඳහා ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීම යි.

අපගේ ඉලක්කය

  • ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ගස් 520,000 ක් ලේඛනගත කර ආරක්ෂා කිරීම
  • ජාතික රතු ලැයිස්තුවේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දේශීය විශේෂවලින් ශාක මිලියන 10 ක් පරිත්‍යාග කිරීම.
  • දේශීය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ 625 ක් නැවත වගා කර ජාතික රතු ලැයිස්තුවෙන්  ඉවත් කිරීම.
  • අනාගත පරපුර සඳහා ශ්‍රී ලංකාවේ අද්විතීය සහ අත්‍යවශ්‍ය පරිසර පද්ධති සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය සඳහා කැපවීම.

0
+
ශාක සාර්ථකව රෝපණය කර අවසන්
0
ඉඩම් අක්කර නැවත වන වගා කර ඇත
0
/1,496
ඉලක්කගත විශේෂ රෝපණය කර ඇත
0
+
වෙබ් අඩවියේ දැනට නිරීක්ෂණය කර ඇති ශාක ගණන

Treetag යනු කුමක්ද?

Treetag මඟින් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක පිළිබඳ ලේඛනගත කිරීම, නිශ්චිත භූගෝලීය ප්‍රදේශයකට පමණක් ආවේණික විශේෂයන් ක්‍රමානුකූලව සිටුවීම සහ නිරීක්ෂණය කිරීම සිදුකරනු ලබයි.

මෙහි, ශාකවල විද්‍යාත්මක නාම, රෝපණ දිනයන්, ස්ථාන සහ පාරිසරික තත්ත්වයන් සවිස්තරාත්මක වාර්තා තබා ගැනීම ඇතුළත් අතර එමඟින් දේශීය ජෛව විවිධත්වය සංරක්ෂණය හා ප්‍රවර්ධනය සිදු කරනු ලැබේ.

මෙම ගමනට අප හා එක්වන්න

අපගේ ගමනේදී ඔබගේ සහයෝගය අත්‍යවශ්‍යයි!

හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා අප හා එක්වන්න.